HOW TO MAKE MARGOGA (ARABIC FOOD) | مرقوق - Margoog | Al-Margoog | marguga | Traditional Sisters
in

HOW TO MAKE MARGOGA (ARABIC FOOD) | مرقوق – Margoog | Al-Margoog | marguga | Traditional Sisters



Subscribe & Share Our Channel, Love you All ❤❤❤ hello friends, we are Traditional Sisters village cooking channel ❤ In this …

source

Leave a Reply

Your email address will not be published.

23 Comments

  1. අවට පරිසරය අද නම් හරිම නිස්කලංකයි.දොල පාරේ වතුර ටික හරිම සීතලයි . රසවත් පෝෂදායි කෑම වේලක් හදන්නයි අද සූදානම.චිකන් මර්ගුගා නම නම් ටිකක් වෙනස් නේද,ඒ උනාට හරිම රසවත්. මස් මාංශ කන්නෙ නැති අයට එළවළු විතරක් පාවිච්චි කරලා රසට හදා ගන්න පුළුවන් ,මම නං අද චිකන් එකතු කරනවා .🙂🙂🙂

    මුලින්ම අපි නිවාගත් වතුරෙන් ආටා පිටි ටික අනා ගන්න ඕනි .ලුණු තේ හැන්දක් පමණ එකතු කරගන්න ඕනි .ඒක ටිකක් පදම් වෙන්න තියාගන්න ඕනේ .

    හෝදගත්ත කුකුල් මස් ,කොටුවට කපපු තක්කාලි ,බී ලූණු ,සුදු ලූණු ,අමුමිරිස් ඒ වගේම කරදමුංගු කරාබුනැටි සුදුලූනු ඉඟුරු එකතු කරනවා

    . වංගෙඩියේ දාලා කොටලා වෙනමම හොඳ සුවඳ මිශ්‍රණයක් හදා ගන්නත් ඕනේ.❤️❤️❤️

    අපි ඉස්සෙල්ලම ඉඩකඩ තියෙන භාජනයක් තෝර ගන්න ඕනි .තෙල් ටිකක් ලිප තියෙලා සුදුළූණු බීළූණු අමු මිරිස් තක්කාලි එකතු කරගන්න.මේ ටික තැම්බෙන්න වහලා තියන්න .ඊට පස්සේ මස් ටික එකතු කරන්න ඕනේ .විනාඩි දහයකට විතර පස්සේ අපි ගම්බිරිස් ලුණු කුඩු මිරිස් කුඩු තුනපහ කුඩු කහ කුඩු සුවඳ මිශ්‍රණය එකතු කර ගන්න .මේ ඔක්කොම එකතු කරාට පස්සේ වතුර ලීටර් දෙකක් විතර එකතු කර ගන්න .මේ වෙලාවෙම සැල්දිරි කොළ කිහිපයකුත් එකතු කරන්න .මේ ටික හොඳින් තැම්බෙන්න කොට කපාගත් කැරට් කපා ගත්ත අර්තාපල් එකතු කරන්න ඕනේ .මේ ඔක්කොම එකතු වෙද්දි හරිම සුවඳයි .

    දැන් තමයි හොඳම හරිය ,අනාගත්ත පිටි එකෙන් පුංචි පුංචි ගුලි කඩලා රොටි හදාගන්න ඕනි, රොටිය හදන ගමන්ම රොටි එකින් එක ලිපේ තියෙන මිශ්‍රණයට එකතු කරන්න ඕනේ ,අපි ඇතිලියට රොටිය දාපු ගමන්ම හැන්දෙන් රොටි කෑලි කඩන්න ඕනෙ,රොට් ඔක්කොම දාලා ඉවර වෙනකොට ලිපේ තියෙන මිශ්‍රණය ඝනකම වෙනවා ,කුකුල් මස් දියවෙලා අර්තාපල් කැරට් ඔක්කොම එක්ක රසවත් මර්ගුගා හැදෙනවා…..ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් හරිම රසයි 💞 ඔයාලා අනිවාර්යෙන්ම හදලා බලන්න .රසවත් වගේම පෝෂණය අතිනුත් ගොඩක් ඉහළයි.🥰🥰🥰🥰

    ස්තුතියි

    ආදරයෙන් කුමාරි 🙏💞💞

    නංගි සචිනි 💞💞

    චිකන් මර්ගුගා

    චිකන් ග්‍රෑම් පන්සීයයි

    ආටා පිටි ග්‍රෑම් 700 යි

    පොල් තෙල් ස්වල්පයක්

    තක්කාලි ග්‍රෑම් 750

    කැරට් ග්‍රෑම් 500

    අර්තාපල් ග්‍රෑම් 500

    අමු මිරිස් කරල් 5ක්

    සුදුළූනු බික් හයක්

    බී ළූණු ගෙඩි 3

    සැල්දිරි කොළ කිහිපයක්

    කහතේ හැදි බාගයයි

    තුන පහ කුඩු තේ හැදි දෙකයි

    මිරිස් කුඩු තේ හැඳි දෙක හමාරයි

    ගම්බිරිස් ඇට තේ හැඳි දෙකක් පමණ

    රස පදමට ලුණු

    (සුවඳ මිශ්‍රණය වෙනම සාදා ගන්න)

    කරදමුංගු 4

    කරාබු නැටි 4

    සුදු ලූනු ගෙඩි තුනක්

    ඉගුරු කැබැල්ලක්

2022 New Business Ideas || No.1 Mobile Skin Lamination Cutting Machine || GIVEAWAY  ‎@Modern Mart

2022 New Business Ideas || No.1 Mobile Skin Lamination Cutting Machine || GIVEAWAY ‎@Modern Mart

Get Happy-High and Dance Your Night Away at Gilly's Redefined

Get Happy-High and Dance Your Night Away at Gilly’s Redefined